Sunday, December 1, 2019

From Mlais MX28 to Greentel G9 4G, a.k.a. Android 4.2.2 to 7.0

Disclaimer: This post comes from way back - end of 2018 - but most of the points still hold.

This may be a small step for Android, but a great leap for myself.

After 4+ years of faithful service, I decided it's time to give my dear old Mlais MX28 a break.

Why the MX28 had to go

The Mlais MX28

The real reasons were, indeed, a bit more profound:

  • The battery degraded to a very poor and highly unreliable state: right now it could be at 80%, and then, when I open up a simple text editor, poof! It's dead.
  • Some apps (esp. Skype for Android kept on logging me out whenever the phone was restarted. Combined with the first point, this meant that I had to keep on logging in almost every day. Given that my employer has several customers who use Skype as a quick support channel, this was both inconvenient and risky—to say the least.
  • One of our teams was developing a SoLoMo Android app—and we inadvertently became their lab rats; and I was often mocked as the owner of a "stone-age smartphone" because many of their app's features didn't work on my phone.
  • There was a lot of features I was actually missing—lock screen notifications, ability to dismiss an alarm before it goes off, 4G, fast GPS location fixes, and so forth.

Farewell MX28, enter G9 4G

The Greentel G9 4G

So I got myself a G9 4G (locally owned brand, with Chinese make; because the only locally manufactured 4G brand had already been discontinued).

  • Android 7.0 (a leap from Jelly Bean to Nougat)
  • 1.3GHz quad-core CPU (slightly forward)
  • 1GB RAM (standstill)
  • 8GB internal storage with 4.2GB actually free (a 2.5x leap as the MX28 had only 1.7/4)
  • Mali-400MP2 GPU (standstill)
  • 4G (leap from 3G)
  • 3200mAh "mega" battery (a considerable improvement from the MX28's 2500mAh)

G9 4G + 7.0 Nougat: many things are looking up!

However, there was a few things that made me really happy:

  • GPS is working smoothly—with the MX28 I could never get a GPS fix on time (it would take 5-10 minutes, or perhaps forever if I'm inside a building).
  • Lock screen notifications!
  • Now I can dismiss my 6AM alarm whenever I get up at 5.55 (without manually turning off the alarm setting and forgetting to turn it back on the following day).
  • Skype never logged me out again (although it did once, when I updated the app—probably the expected behavior).
  • Built-in flashlight (finally!)
  • Built-in battery saver and data saver
  • Screen color inversion! It was a big, unexpected and pleasant surprise. Now I can do all sorts of stuff at night, without straining my eyes with bright backgrounds.

But... is it all unicorns and rainbows?

And now for the disappointments:

  • No root! (Unless I want to ruin my one-year warranty) So no more hacking around (moving apps around when out of space, getting rid of pesky system apps, tcpdump, editing /etc/hosts—and a lot more) :(
  • Darn those ads! Thanks to root, on the MX28 I had an ad-resistant /etc/hosts that helped me totally forget about them—on my PC as well, since I access the internet through a phone tether. Now suddenly, in every app I open, there's a pesky ad popping up every now and then!
  • Lack of granular data usage views: in 4.2.2's Data Usage graph I could use two movable guides to limit the usage view period to a few days or hours; the new interface is really dumb as it just shows the usage for the whole billing period, without any ability to drill down.
  • Lack of a volume controller in the top drawer! Really, Google? What were you thinking? Now every time I want to put my phone in silent or vibration mode, I have to long-press the hardware power button :(
  • Google Now Launcher, ever so intrusive: there's no way to get rid of the Google Search bar at the top of the home screen. It just sits there, eating up precious space—and I never ever google on my phone!
  • Automatic updates? I have marked every known Wi-Fi network as metered, yet every time I connect to one of them I see a few brief flashes of progress bars in the notification drawer. Even with app updates disabled on the Play Store side as well.
  • Crappy browser (or is it in the OS/device itself?) that crashes every now and then upon opening a saved page; in 4.2.2 I never ever had the browser crash, and now it's happening on a hourly basis! Although Chrome comes preinstalled, I was never a fan, and never will be!
  • Lags like a grandma: probably because 1GB is not sufficient for 7.0 (which seems to take up well over 500MB, right after startup)?

The worst part: how G9 4G really pisses me off

And now, the greatest (worst) of them all:

The phone restarts itself randomly!

Yep, especially when travelling (so I guess it could be something related to cellular signals); when I pull out the phone after a ride, the screen remains frozen for 10-15 seconds (not responding to anything, even to hardware buttons), and then the whole damn thing restarts.

But the worst part? Sometimes it decides to shut itself down (also when travelling), right inside my pocket without me even touching it. So I could be cut off from the rest of the world for hours, if I don't check whether my phone is "alive" every few minutes.

Yet, proud to be part of the ගන්න අපේ දේ movement...

It is comforting yet painful, to know there was a time Greentel actually manufactured and exported smartphones from Sri Lanka.

Greentel Mobile

Painful because, when I asked about it from one of their agents, they said the profit margins were too low so they had to abandon it.

Even today, probably only the middle-lower class of Sri Lankans would go for a Greentel smartphone - even them, I'm not so sure. Heck, even the support agents at our "always caring" mobile services provider do not know of a brand name called "Greentel" - let alone "Sri Lankan owned".

I don't see the සූර්ය සිංහ branding on Greentel (although our patriotic Dilantha does some good work in getting the word out); but I'm proud to be the owner of one, despite all the bumps along the road.

Way to go, Greentel!

වායෝ, වීණාවී, සහ මම: Wayo, Veenavee, and Me

වායෝ 2019

මං ඇවිල්ලා සංගීත විසාරදයෙක්වත් විචාරකයෙක්වත් නොවේ ය. හැබැයි ඊයේ විහාරමහාදේවියේ තිබ්බ වායෝ "වීණාවී" ප්‍රසංගය බැලූ වෙලේ ඉඳං කට (අත) කහන්ට පටන් ගත් හෙයින් වචන කිහිපයක් කොටා දාන්ට සිතුණේ ය.

"සංගීත"ය පුංචි සන්දියෙ ඉඳන් අහලා තිබුණට, ඒකට හල්කිරීමක් දාගත්ත ඩෑල් එකක් ඉන්නවයි කියල දැනගත්තේ ඉස්කෝලෙ පහ වසරත් පාස් වුණාට පස්සේ ය. ඒ දන්නෙත් "ආ අර රඟහල කාපු එකා" කියන කාඩ් ⁣එකෙන් ය. ඒ කාලේ ටීවී චැනල්වල විචාරකයන් සහ ප්‍රබුද්ධයන් සෙට්වෙලා සංගීත්ව පතුරු ගහපු හැටි තාම මතකයි ය. (පරණ කුණු ඇවිස්සුවා⁣ට හීනියට සමාවක් දෙන්ටැයි ඉල්ලනවා ය. 🙏)

අයියාත් තාත්තාත් හින්දි සින්දු ඔස්තාර්ලා උණා⁣ට, මට ගොඩක් කාලයක් යනකන් සංගීත "උණ" හැදු⁣ණේ නැත. (හය හත වසරවලදී ලාවට ඇඟ රත් වීගෙන ආවත්, ඉස්කෝලේ ගායන තරගයකදී කිච වෙලා සාටර් වෙලා ගිය කල්හි ඒක සුරුස් ගා බැස ගියේ ය.) එහෙම හි⁣⁣ටපු එකා ඉයර්පෝන් හොය හොයා පරණ සෙල්පෝන් පෙට්ටි අවුස්සන තත්ත්වයට පත් වුණේ සංගීත් හැදූ "වායෝ" නිසා ය. ඒකත් හරි අපූරු කතාවක් ය.

ඔන්න ඉතිං පෙරුම් පුරාගෙන කැම්පස් ගොහින්, (මොරටුව ඊ-ෆැක්) සෙමෙස්තරය ගොඩ දාන්න ඇක දාන (පාඩං කරන) දවස් ය. (ඔව් ඔව්. එක්සෑම් කට උඩ ය.) අපි ** ඉරාගෙන ඇක දාන අතරෙ, කලින් ම ගොඩ දාගෙන හිටපු වික්කා කියල ඩෑල් එකකුත් අප අතරේ හිටියා ය. දවසක් මූ, "ඇක දාල මහන්සි කට්ටිය අහල බලන්න මේ සින්දුව" කියලා (කින්ඩියට ද මන්දා 🤔) බුකියේ පෝස්ට් එකක් දැම්මා ය.

දාලා තිබුණේ "වායෝ"ගේ "අපි කවුරු ද" සින්දුව ය.

අතරේ අහනව බලනව මේ... අපි කවුරු ද...

ඉස්කෝලේ බුද්ධාගම පාඩමෙනුයි දහම් පාසලෙනුයි ඇහුවට පස්සේ "වායෝ" කියන වචනය ඇහුවේ එදා ය. වෙන විදිහකට කීවොත්, වායෝ කියා සංගීත කණ්ඩායමක් ඉන්නවා කියලා හාංකවිසියක් දැන ගත්තේ එදා ය. 😊

පළවෙනි පාර ඇහුවට ලොකු සීන් එකක් දැනු⁣ණේ නැත. "සෝක් සින්දුව" කියලා ආපහු ඇක දාන්න ගියා ය. (ඒ කාලෙත් මං හෙන ම ඇකයා ය.)

දෙවෙනි පාර අහද්දි නම් සිංදුවේ මොකක්හරි අමුතු ලල් එකක් තිබේ ය කියලා තේරුණා ය.

තුං වෙනි පාර අහල ඉවර වෙද්දි නම්, පිස්සුව ඔලුවට ම වැදී ඉවර ය.

එදා ඉඳං, උදේ ඉඳං හවස් වෙනකං ඉයර්පෝනය කනේ ගහන් "අපි කවුරු ද" අහන තත්ත්වෙට මං පත් වුණා ය. මේ වෙනකොට ලොවෙත් දහදාස් පාරකට වැඩිය සින්දුව අහලා තිබෙනවා ය. (දැනුත් සතියකට පාරක්වත් නොවරදවා ම අහන්න ඕනෑ ය. කුඩු සික් එකට වඩා පොඩ්ඩයි අඩු ය. — අපොයි අපොයි 🙏 සංගීත් අයියෙ, මා කුඩු ගසනවා කියා එයින් අදහස් කළේ නැත.)

සේනක බටගොඩ මහත්මාගේ පද මාලාව, ලහිරුගේ මියුසික් අවන් එකේ පදමට බේක් කර, සංගීත්, ෂේන් ප්‍රමුඛ වායෝ කල්ලිය රහට පදම⁣ට ගයනවා අහද්දි ලෝකෙ තියෙන ප්‍රස්න ඔක්කොම සිං ගා අමතක වෙනවා ය. (බටගොඩ මහත්මාගේ මුල් ගායනයත් මෙහි දී සිහි කිරීමට කැමැත්තෙමි. 🙏)

ඊට පස්සෙත් එහෙන් මෙහෙන් වායෝගේ පට්ට සින්දු ටිකක් අහන්න ලැබුණේ ය. මං එහෙම හොය හොයා සින්දු අහන කෙනෙක් නොවෙන නිසා මට ලැබුණේ "අපි සැනසිල්ලේ", "ගෙම්බෝ", "සිහින මවන්නැති" (බටගොඩයන්ගේ) වගේ කීපයක් විතර ය. හැබැයි ඇත්ත ම කිවුවොත් "අපි කවුරු ද" වගේ බොක්කට වදින සින්දුවක් නම් ආයෙ වායෝගෙන් තියා කාගෙන්වත් සෙට් වුණේ නැත.

කාලය ඔහොම ගත වී ගියේ ය. පත්තරවල "වායෝ පිපිරෙයි", "වායෝ දෙදරයි" වගේ සිරස්තල දැක්කත් ලොකුවට හොයන්නට කියවන්නට ගියේ නැත.

පසුකාලීන ව එක එක දේවල් සිද්ද වෙලා, දුක වාවනු බැරි හින්දා කට වහගෙන ඉකිබිඳිමින් ඉන්න දවසක, කටුබැද්ද හන්දියේ කලර් ලයිට් එක ළඟදී "වායෝ" බැනර් එකක් දැක්කා ය. මුලින් "අනාතයෝ" වගේ පෙනුණත් 🧐, ඇස් දෙක එහෙම පිහදාලා හොඳට බලද්දි, "වායෝ" නමට යටින් ලියලා තියෙන්නේ "අනාගතයේ" කියලා බව තේරුණා ය.

මේ අමුතු අබ්බූත බූත අකුරින් ලියා තියෙන "අනාගතයේ" සීන් එක මොකද්ද කියලා ගූගල් පාරක් දාල බලද්දි, අවුරුද්දකටත් කලින් රිලීස් උණ සින්දුවක් මතු වුණේ ය. සිරාවට ම ඊට කලින් එක පාරක්වත් එහෙම සින්දුවක නමක්වත් අහලා තිබුණේ නැත. (එහෙව් මට, වා⁣යෝ ෆෑන් කෙනෙක් කියලා කෝචොක් නොකරන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි. 🙏)

අනාගතයේ

ඒ පාර නම් සින්දුව අහපු ගමන් ම ඔලුව මඤ්ඤං වී, උන්හිටි තැන් අමතක වෙන ගාන⁣ට ගියේ ය. සින්දුව බොක්කට වැදී බොක්ක හාරාගෙන ගැඹුරට ම ගියේ ය. 😳

ඒ මදිවාට, අන්තිම කෑල්ලේ pitch shift එක අහනකොට, සියොලඟ මවිල් කෙලින් වී, කකුල් දෙකෙන් අල්ලා පරසක්වල ගැහුවා වගේ උණේ ය. එහෙම සින්දුවක් ආයේ කවදා අහන්න ලැබේ ද කියා නොදන්නේ ය.

සනුක/සංගීත් පද මාලාවේත්, සනුකගේ මෙලඩියේත්, වායෝ ගැං එකේ ගායනයේත් සුසංයෝගය ඒ තරමට ආතල් ය. කික් ය. සුපිරි ය. 🤩

පොළෝ තලයේ අනාගතයේ මිනිසා මා බව සහසුද්දෙන් ම දැනගත්තේ එදා ය.

"අපි කවුරු ද" දෙවෙනි තැනට වැටී, "අනාග⁣තයේ" සෙනිකව ප්ලේ ලිස්ට් එකේ මුලට ම ආවේ ය.

එදා ඉඳං හැබැහින් වායෝ සෙට් එක දකින්නත්, අහන්නත්, "අනාගතයේ" ෂෝ එකක් බලන්න යන්න හිතං හි⁣ටියට, එක එක හේතු නිසා වැඩේ මගෑ⁣රුණේ ය. (අවංකව ම කිවුවොත්, වැඩි හරියක් මගෑරුණේ කම්මැලිකමට ය. කවදාවත් මියුසිකල්ලෙකක් බලන්න ගිහිං නැති, යන්න හිතුවෙත් නැති මා හට එහෙම වෙන එක, එක අතකින් සාදාරණ ය.)

ඔපිසියේ සොහොයුරියකගේ ඉල්ලීමකට, අයිටී ෆැක් "අත්වැල"ට සපෝට් එකට "වීණාවී 2019" ටිකට්ටුවක් ගත්තෙමි. ඒත් යනවා ද කියා සුවර් එකක් තිබ්බේ නැත. හවසට හවසට සුරු සුරු ගගා වහින දවසුත් නොවැ. අන්තිමට හිත හදාගෙන, කුඩයත් අතින් අරගෙන - නෑ, ඉහලාගෙන - බෝඩිමෙන් එලියට බැස්සෙමි.

මග දිගටත් බුකිය බල බලා ආවේ, "postponed due to bad weather" කියන (අ)සුබාරංචිය කොයි වෙලේ හරි වැටෙයි ද කියලා හිතමිනි. (ඔව්, මො⁣⁣රටු කොල්ලෙක් ලෙස මං මා ගැන ම ලැජ්ජා විය යුතු යැ.)

තුම්මුල්ලේ ඉඳං පයින් ම විහාරමහාදේවිය⁣ට එද්දිත් සර සර වැස්ස ය. එතකොටත් සීයක් විතර සෙට්වෙලා කුඩ ඉහලං බලා සිටිති. මේ වැස්සෙ කොහොම ෂෝ එකක් කරන්න ද?

(හා හා, කවදාවත් නැතුව මූ ගිය හින්ද තමයි ඊයෙ වැහැල වැහැල කුජීත වුණේ කියලා කුපිත නොවෙන ලෙස කාරුණික ව ඉල්ලා සිටිමි. 🙏)

කොහොම හරි වැඩේ පටන් ගත්තේ ය. එතකොටත් වැස්ස ය. කොල්ලො කෙල්ලෝ, පුටු වහල තිබුණ පොලිතින් කොළ බිම එලාගෙන, කුඩ යට තුරුලු වී සැදී පැහැදී සිටිති. ටිකක් වැඩිපුර සපෝට් එක දී තිබූ නිසා මාත් කුඩේ ඉහලං පුටුවකට හේත්තු වීමි.

හුරුපුරුදු ගිටාර් රිද්මයක් ඇහෙන්ට විය.

අම්මටසිරි, අනාගතයේ! 🙌

එහෙම සුපිරියට පටන් ගත් ගී මියැසිය, වරුසාව මැද නොසැලී ගලා ගියේ ය. කුඩේ යට සීතලට තුරුලු වෙන්න කෙනෙක් නොහිටියත් ලොකු පාලුවක් දැනු⁣ණේ නැත. වායෝ ෆැමිලි එකත් එක්ක අපි හැමෝ ම එකා වගේ වලා අතරේ පියාඹමින් සිටි නිසා විය යුතු ය.

සංගීත් අයියා උඩ පැන පැන ඇඹරි ඇඹරි දුව දුවා නට නටා ජෝක් දම දමා මයික් අල්ල අල්ලා ස්පීකර උඩ නැග⁣ගෙන රඟපු රැඟුමට, වායෝ සෙට් එක ම සංගීතයෙන් ගායනයෙන් පට්ට සහයක් දුන්නා ය. කැම්පස් අවුට් වෙලා සිවු වසරකට කිට්ටු උණත්, ඊයේ නං දැනුණේ ගිය මාසෙ කැම්පස් ආවා වාගේ ය.

නදීමාල්ගේ නුරා වසන්තේත්, චිත්‍රාල්ගේ නදී ගංගාත්, ධනිත්ගේ සඳගනාවත්, වායෝගේ අනාගතයත් එක් වූ තැන... තව මොන කතා ද? 🤘

⁣කස්ටිය හුරේ දැමුවෝය. වන්මෝ ගෑවෝය. නැටුවෝය. ගැයුවෝය. ෆ්ලෑෂර් වැනු⁣වෝය. ඒ සේරම, මහ වරුසා මැද්දේ ය.

වීණාවී 2019

සංගීත් අයියා කියපු විදිහට, මීට කලින් මෙහෙම වරුසාවක් මැද වායෝ ෂෝ එකක් කර නැත. ඇත්ත වුණත් බොරු වුණත්, ලයි⁣ටින්, සවුන්ඩ්ස්, පවර් ඔක්කොම මහ වැස්සේ තෙමෙද්දි, දුප්පත්කමට එරෙහිව සටන් කරන මොරටුව අයි⁣ටී ෆැක් එකට සවියක් වෙන්න වායෝ ගත් ඒ තීරණයට අපි හැමෝම හිස නමා ආචාර කළ යුතු ය. 🙇

ඒ එක්ක ම, "මට නං තව තෙමෙන්න දෙයක් නෑ බං" කියමින් ම, මහ වැස්සෙ කඩිගුලක් වගේ එහෙමෙහෙ දුව දුවා හැම දේම තිතට සංවිධානය කරපු අයි⁣ටී ෆැක් සෙට් එකටත් හිස නමා ආචාර කළ යුතු ය. 🙇

කනට විතරක් නොව හිතටත් වදින දෙයක් කළ ඒ හැමෝටමත්, වැස්සට කොකා පෙන්නා අවසන් මොහොත වෙනකං නොබිඳුණ ආතල් එකක් පවත්වාගත් (මා ඇතුළු) ප්‍රේක්ෂක සැමටත් නැවතත් ආචාර කරමි. 🙇

(ෂෝ එක ඉවර වෙලා, යන්න බස් නැතුව විහාරමහාදේවියෙ ඉඳන් තට්ට තනියමේ වැස්සේ පයිං ම ගල්කිස්සට ගිය එක වෙන ම ආතල් එකකි. සමහර විට මතු සම්බන්දයි වනු ඇත. ✍️)

බුකියේ Wayo Official Fan Club එකේ (අවාසනාවට public නැති) පෝස්ටුවක කොටසකින් මේ ඇඬියාව අවසන් කරන්ට සිතුවෙමි. (පූර්ණ අයිතිය, කර්තෘ Gagana Atapattu හට ය.)


ටිකක් හිතුවද තමන් කන ටොපි කොලේ, තමන් බොන සිගරැට් කොටේ ඉදන් දාන්නෙ එයාල මේ හදන්න හදන ලෝකේ උඩ කියලා?
නෑ.
නෝනා සතියෙ අන්තිමට කුණු බෑග් එක හංගලා දාලා එන්න කියල මහත්තයට කියද්දි හිතුනද ඒ කුණු දාලා නැති කලේ එයාගෙම ළමයට ඉන්න පොළොවක් කියලා.

...

"අපිම නේද බන් හිනා වෙන්නේ? අපිමයි නේද නිදහසේ ඉන්නේ ?
ඉතින් අපි නිදහසේ ඉදන් ඉස්සරහට ලෝකයක් මැව්වට වැඩක් නෑ.
සල්ලි පොදි ගැහුවට වැඩක් නෑ
ලොකු ලොකු ස්කෝල වලට දැම්මට වැඩක් නෑ.
ඉන්න පොළොවක් නැත්තන්"

මේ ඔහුගේ වදන් වලින්.

ටිකක්. ටිකම ටිකක් හිතමු.
කෝ නවලෝකයක් දකිනවුන්ට අනාගතයක් ?

අපමණ දුක් ඇති වින්දා
රැකගමු මරු ගෙල සින්දා
හෙට ඇස් අරින බිලින්දා
මනුසතුනේ

නොනිම් කතරේ පහන් තරුවෙන්
එතෙර වෙන්නේ
පොළෝ තලයේ ඔබයි මිනිසා
අනාගතයේ...


(ආතල් එක උදෙසා අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ රීති අමු අමුවේ උල්ලංඝනය කිරීම වෙනුවෙන්, ම⁣ට සිංහල උගැන්වූ ගුරු මෑණිවරුන්ගෙන් පියවරුන්ගෙන් පටන් ගෙන සියලු දෙවි දේවතාවුන් දක්වා සැම දෙනාගෙන් ම සමාව භජනය කරනු කැමැත්තෙමි. 🙏)